Thursday, June 7, 2012

ශ්‍රී ලංකාවට නිරුවත් වෙරළ තීරයක්?

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි. 

ශ්‍රි ලංකාවේ නිරුවත් වෙරළ තීර ඇති කිරීමට කටයුතු සුදානම් කර තිබේද යන්න පිළිබදව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

ඔහු විමසුවේ එසේ කරන්නේ නම් ඒ සදහා වෙන් කිරීමට අපේක්ෂිත වෙරළ තීරයන් කවරේ ද යන්න පිළිබදවය.

අනියම් පෙම කේදීගේ පිති හරඹය කුරිරු ලෙස නිමා කරයි.

ත්‍රි,මලේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ගෙල කපා ඝාතනය කරයි
ස්‌ටර්ලින් පවුම් 1750ක බිරිඳගෙන් කොන්ත්‍රාත්තුවක්‌

ඊෂ්වරදාසන් සහ බිරිඳ මංගල උත්සවයේදී
ත්‍රිකුණාමලය නොමෑඩ්ස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පළමු පෙළේ පිතිකරුවකු දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ඊෂ්වරදාසන් කේදීෂ්වරන් ත්‍රිකුණාමලය නගරයේදී ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ ලබා දුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළි කරගත් රහස්‌ පොලිසිය එම ඝාතනය සිදු කළ බව කියන ගුවන් නියමුවකු සහ ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබළකු ද ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගුවන් නියමුවා සහ ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ අතර අනියම් සම්බන්ධතාවක්‌ තිබූ බවත් අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යැමට සිය සැමියා බාධාවක්‌ වන නිසා බිරිඳ අනියම් සැමියාද සමග එක්‌වී මෙම ඝාතනය සිදු කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

හම්බන්තොට වරායට නැව් එනවෝ.... !!!

හම්බන්තොටට කාර් නැව් 

හම්බන්තොට වරාය විවෘත කරලා අවුරුදු 2කට කිට්ටුයි. මොකක්ද වෙලා තියෙන්නේ නැව් එන්නේ නැහැ. බඩු පටවන්නේ නැති නැව් එන්නේ නැති වරායකින් ඇති වැඩේ මොකක්ද? කියා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අහනවා.

ශ්‍රී ලංකා රේගු කාර්යාලයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ ආරම්භ කරයි, හම්බන්තොටට වාහන ගොඩබැස්සවීම අද සිට ඇරඹෙයි. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන වාහන හම්බන්තොට වරායෙන් ගොඩබැස්සවීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක කෙරෙයි, යනුවෙන් ආණ්ඩුවේ ඇත්තො සහ ගැත්තො සාලේ මැද රූප පෙට්ටිවල ඉඳගෙන මරහඬ තලනවා.

Wednesday, June 6, 2012

සිකුරුගේ ගමන ලොවට පෙනුන හැටි

අද සිදු වුන සිකුරු සංක්‍රාන්තිය ලෝ වැසියන් බොහෝ දෙනෙකුට ඉමහත් අත්දැකීමක් වුනා. මේ අවස්ථාව සියැසින් දැක ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වුනා. ඒ පියවි ඇසින් නැරඹීමට හැකි වුන මේ සිකුරු ගමන යළිත් තම ජීවිත කාලය පුරාවට දැක ගත නොහැකි නිසා.

ලංකාවේ සමහර පුදේශවලට වැසි සහිත හා අඳුරු සහිත කාලගුණයක් තිබුණත් ‍තැනින් තැන සිකුරු සංක්‍රාන්තිය නැරඹූ බවට තොරතුරු ලැබෙනවා.

චැනල් 4 රටින් පෝ

චැනල් 4 අධ්‍යක්‍ෂ හා බිරිඳ
ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරෙති 


බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ විධායක අධ්‍යක්‌ෂ ස්‌ටුවට්‌ ක්‍රොස්‌ග්‍රෝව් සහ ඔහුගේ බිරිය වන යූ. කේ. ටීවි ආයතනයේ ශිරානි සබාරත්නම් ඊයේ ආගමන විගමන බලධාරින් විසින් මෙරටින් පිටුවහල් කර ඇත.

ක්‍රොස්‌ග්‍රෝව්ව මෙරටින් පිටුවහල් කිරීමට පෙර අපරාධ විමර්ශන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වයි.

කි‍්‍රකට් ගහන මන්ත්‍රී කෙනෙක් ඉන්දියාවෙන්



තවත් වසර කිහිපයක් සෙල්ලම් කරනවා. 

ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් මන්තී‍්‍රවරයෙකු ලෙස ඊයේ දිවුරුම් දුන්නා. දැනටමත් කී‍්‍රඩාවේ නිරතව සිටින ඉන්දීය ක‍්‍රීඩකයෙකු පළමු වරට ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වීමේ ගෞරවය හිමි කර ගත් සචින් එරට රාජ්‍ය සභාවේ සභාපති සමිඞ් අන්සාරි ඉදිරියේ දී දිවුරුම් දුන්නා. එරට අගමැති මන්මෝහන් සිං විසින් මන්තී‍්‍ර ධූරය පිරිනැමීම සඳහා සචින්ගේ නම නිර්දේශ කර තිබෙනවා.

Tuesday, June 5, 2012

Happy Birthday Ravindra Randeniya

සුබ උපන්දිනයක් රවී

දළුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයෙන් අධ්‍යාපනය පටන් ගත් රවීන්ද්‍ර රන්දෙනිය පසුව කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහලේ අධ්‍යාපනය හැදෑරීය. එවකට දක්ෂ විද්‍යා සිසුවකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු හදිසියේ තම අනාගත අභිලාෂයන් වෙනස් කලේය. නළුකම ඔහු පසුපස ආවේ වෙස්වලා ගත් ආශීර්වාදයක් ලෙසිනි. 

පාසලෙන් සමුගැනීමෙන් පසු ඔහු රංගනය ඉගෙන ගන්නට පෙලඹෙනුයේ අපේක්ෂා භංගත්වයට පත් තරුණයකු ලෙසය. එහෙත් එහිදී ඔහු යොමුවන්නේ ඒ වනවිට මෙරට පැවැති හොඳම විද්‍යාර්ථින්ගෙන් සමන්විත පාඨමාලාවටය. ඒ ලයනල් වෙන්ඩ්ට් රංගශිල්ප ශාලිකාවටය. මේ ගමන ඔහු දක්ෂ නළුවකු බවට පරිවර්තනය කළා පමණක් නොව එහි රංග ශිල්පය හැදෑරූ බොහෝ දෙනා මෙරට ඉංග්‍රීසි වේදිකාවේ රස දන්නා කිහිප දෙනෙකු බවට පත් වද්දී ඔහු තනිවම සිංහල වේදිකාවේත් සිනමාවේත් ගමනක් ඇරඹුවේය.

ටින් ටින් චිත්‍රයට යූරෝ මිලියන 1.3 වාර්තාගත මිලක්.

ටින් ටින් ඉන් ඇමෙරිකා චිත්‍රකතා පොතේ කවරයට යූරෝ මිලියන 1.3 කට පැරීසියේදී වෙන්දේසි වේ.

 


ලොව ප්‍රකට ටින් ටින් චිත්‍රකථා මාලාවේ 1932 වසරේදී සිතුවම් කරන ලද "ටින් ටින් ඉන් ඇමෙරිකා"  (ටින් ටින්ගේ අමෙරිකා සංචාරය) ඉපැරණි චිත්‍ර කථාවක මුල් කවරය ප්‍රංශයේ පැරිස් නුවර වෙන්දේසියකදී යූරෝ මිලියන 1.3 ක වාර්ථාගත මිලකට අලෙවි වී ඇත. එය මෙරට මුදලින් රුපියල් මිලියන 208 ක් වේ. 

Monday, June 4, 2012

සිකුරු සංක්‍රාන්තිය - Venus Transist


‍ජුනි 06 වැනිදා නොදැක්‌කොත් ආයේ 2117 දී...


සිකුරු ග්‍රහලෝකය ජුනි 6 බදාදා සූර්යයාත් පෘථිවියත් අතරට පැමිණෙයි. තාරකා විද්‍යාත්මක සිදුවීම්වල ඉතාමත් දුර්ලභ සිදුවීමක්‌ වන එම දුර්ලභ ග්‍රහ මාරුව අද ජීවතුන් අතර සිටින කිසිදු මිනිසකුට නැවත ජීවිත කාලය පුරාවට දැකිය හැකි දෙයක්‌ ද නොවේ.

"සිකුරු සංක්‍රාන්තිය" (Venus Transist) ලෙස හඳුන්වන එම දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීම ලොව පුරා විසිරී සිටින තාරකා විද්‍යාඥයන් හා ඒ පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන සෑම සියලු දෙනාටම සියැසින් දැක ගත හැකි වීම විශේෂ අත්දැකීමක් වනු ඇත.

කොළඹ - නුවර දුම්රිය බලන බිංගෙයි හිරවෙයි.

මගීන් හාරසියයක්‌ සමග
කොළඹ-මහනුවර දුම්රිය
බලන බිංගෙයි හිරවෙයි

කොළඹින් ගිය දුම්රියෙන් පැය 5කට පසු මගීහු මහනුවරට


කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කාර්මික දොaෂයක්‌ හේතුවෙන් කඩුගන්නාව බලන බිංගෙය තුළ නැවතීමෙන් එහි ගමන්ගත් මගීන් හාරසීයකට වැඩි පිරිසක්‌ පැය හතරකට වැඩි කාලයක්‌ දුම්රියේ රැඳී සිටීමට සිදුවිය.

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

ලක්දිව සම්බුදු පහස ලද පොසොන් පොහොය දිනය අදයි

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කර මෙරට සම්බුද්ධ ශාසනය පිහිටවනු ලැබූවේ අදවන් පොහෝ දිනයකදීය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති තුන්වන ධර්ම සංඝාවනාවේ ප්‍රතිඵලයක් ලෙස රටවල් 9ක බුදුදහම ව්‍යාප්ත කෙරිණි.

Sunday, June 3, 2012

මීන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මීන ලග්නය 
මිත්‍රශීලී ගුණවත් මිතුරන් ඇසුට යොමුවේ.  


ගුරු හිමි මීන රාශියෙන් ජන්ම ලාභය ලැබූ ඔබට රැකියාවේ උසස්වීම් සහ යහපත් වෘත්තීමය වෙනස්කම් හා අපේක්ෂිත රැකියා ලැබීම් හා විදේශීය රැකියා ලැබීම් ආදියටද වාසනාව සැනසිලි හා සතුටුදායක තත්වයක් උදාකරනු ඇත. අෂ්ඨම ඒරාෂ්ඨක අපල යෙදී තිබුණ නමුත් උච්ච බලයෙන් යුතු සෙනසුරු ග්‍රහයාට යහපත් ග්‍රහ දෘෂ්ඨි ලබා දෙන ලග්නාධිපති කරදර භාධක අපල අවම කිරීමට උත්සුක වේ. ධනස්ථානයේ බ්‍රහස්පතිගේ පිහිටීම අනුව ආර්ථික කටයුතුවල යහපත් දියුණුවක් පෙන්නුම් කෙරේ. නමුත් මැයි 17න් පසු බ්‍රහස්පති වෘෂභ රාශියට මාරුවීම නිසා සුභඵල ගෙනදීම මදක් මන්දගාමී වේ. එසේම වසර ආරම්භයේ සෙනසුරු අටවැන්නේ ඒරාෂ්ඨක වීම නිසා දියුණුවට බාධා අධික වියදම් දැරීම ව්‍යපාරවල නියුතු වූවන්ගේ මූලික ප්‍රාග්ධනය හීනවීමටද හේතු ඇතිවේ. රැකියා අංශ‍යේ දෝෂාරෝපන චෝදනාවලට ලක්වීම හා අනවශ්‍ය කරදර මතුවීමටද ඉඩ ඇති හෙයින් කල්පනාකාරී විය යුතුය.

කුම්භ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කුම්භ ලග්නය 
ඉඩකඩම් නව නිවාස වාහන දේපල ලැබීමේ භාග්‍ය


නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුම්භ භාග්‍යස්ථානගතව උදාවේ. එබැවින් මෙම වසර යහපත්  තත්වයක් උදාකරනු ඇත. යෝගකාරක සිකුරු ස්වක්ෂේත්‍රව හා දිග්බලයෙන් යුතුව සිව්වැන්නේ පිහිටීමෙන් ඉඩකඩම් නව නිවාස වාහන දේපල ලැබීමේ භාග්‍ය හිමිවේ. වසර ආරම්භයේදී ලග්නාධිපති අෂ්ඨම ඒරාෂ්ඨකයෙන් මිදී නව වැන්නේ සිටීමෙන් පසුගිය වසරට වඩා දියුණු තත්වයක් උදාවේ. දේශීය ව්‍යාපාරවලින් මෙන්ම විදේශීය ගමන් බිමන්වලින් ලැබීමේ භාග්‍ය ඇත. රාහු ග්‍රහයාගේ ගමන අනුව දේශීය වශයෙන් රැකියාවල දියුණුව තරමක් අඩුවිය හැකි අතර ස්ථාන මාරුවීම් රැකියා ස්ථානයේ කරදර ප්‍රශ්න යනාදිය ඇතිවේ. දුර දුහැර රැකියා කටයුතුවල නියැලීමට සිදුවේ.

මකර ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මකර ලග්නය
වර්ෂය තුල දියුණුව සහ භාග්‍යද ඇති කරයි.


වසර උදාවන අවස්ථාවේ ලග්නය සහ ධනස්ථානය අයිති සෙනසුරු බලවත්ව දසවැනි ස්ථානයේ උච්චව ආරෝහන ගමනක යෙදෙන බැවින් ඔබට යහපත් ආර්ථික තත්වයක් දැකිය හැක. ව්‍යාපාරිකයන්ය යහපත් වන අතර නව ව්‍යාපාර ආරම්භයටද සුදුසුය. වර්ෂය තුල දියුණුව මෙන්ම ලැබීමේ භාග්‍යද ඇති කරයි. රැකියාවල යෙදෙන්නන්ට තනතුරු උසස්වීම් හා වැඩි ආදායම් ලැබීමේ භාග්‍ය ඇත. ධනස්ථානය බලවත් වීමත් මීට හේතු වන අතර හවුල් ව්‍යාපාර ආරම්බයටද සුදුසුය. මහා පරිමාණයේ කෘෂිකාර්මිකයන්ට වාසිදායක වකවානුවකි.

ධනු ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

ධනු ලග්නය
උසස් අධ්‍යාපන වරප්‍රසාද හා යහපත් තත්වයක්


නව වර්ෂය උදාවෙද්දී ලග්න හා ත්‍රිකෝණ අදිපති වූ රවි කුජ ග්‍රහ පරිවර්ථන යෝගද ලග්නාධිපති එම යෝගයට සම්බන්ධවීමද බාධක කරදර සතුරු බලපෑම් මැඩ සියළු අයහපත් අභියෝග අභිබවා දියුණුව සම්බන්ධ වි‍‍ශේෂ පියවර කිහිපයක් ගැනීමට උත්සුක වේ. ජීවිතයේ දියුණුව සම්බන්ධයෙන් වඩාත් ගුණදායකය. ලග්නාධිපති බ්‍රහස්පති මැයි 17 දක්වා පස්වැන්නේ ගමන් කර ලග්නයට සුභදෘෂ්ඨි ලබා දීම යහපත්ය. ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවේ. අළුතින් ආරම්භ කරන කටයුතුවල දියුණුවටද හේතු වේ. රැකියා කටයුතු දියුණු වේ. ජුනි මාසයෙන් පසු එතෙක් පැවති ණය තුරුස් පියවා ගනී.

වෘෂ්චික ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

වෘශ්චික ලග්නය
උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කල යුතුය.


වෘශ්චික ලග්නය හිමි ඔබට නව වසර ආරම්භයේදී රාහු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වී සිටීම සෙනසුරු 12 වැන්නේ වක්‍ර ගමනක යෙදී  ඒරාෂ්ඨක අපල පැවතීමද ව්‍යාකූල වේගවත් ස්වභාවක් තුලින් උදාවන මෙම වසරේ ලග්නාධිපති කුජ ග්‍රහයා දසවැන්නේ දිග්බලව පිහිටීම තුලින් උත්සාහයෙන් මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කල යුතුය. වසරේ මුල් භාගයේ මානසික චිත්ත පීඩා ඇති කරයි. හදිසි තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුය. අපවාද දෝශාරෝපන අස්ථාන චෝදනාවලට ලක්විය හැකිය. වැය කරන කාලයෙන් ශ්‍රමයෙන් ආර්ථිකයෙන් බුද්ධියෙන් නියම ප්‍රතිලාබ ප්‍රයෝජන විපුල ඵල උදාකෙරේ. හදිසි තීරණ ගෙන වැඩ කටයුතු කිරීමෙන් ව්‍යාකූල ස්වභාවය මතුවේ. වෙනදාට වඩා ක්ෂ්ණිකව කිපෙන වේගවත් ස්වභාවයක් පෙන්නුම් කෙරේ. බලාපොරොත්තු රහිත දුර බැහැර වන්දනා ගමන් යෙදේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටි අයට එය අනපේක්ෂිතව ඉටුවේ. කෙටි විදේශ ගමන් බහුල වේ. බ්‍රහස්පති ග්‍රහයා වර්ෂය ආරම්භයේදී අශුභ ස්ථාන ගත වීම නිසා රහස් සතුරන් ඇතිවේ. අනවශ්‍ය වියදම් දැරීමට සිදුවන අතර සොර සතුරන්ගෙන් ධන හානි සිදුවේ.

තුලා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

තුලා ලග්නය
සාර්ථක ප්‍රතිඵල උදාකෙරෙන යහපත් වර්ෂයක්


සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබ උත්සාහයෙන් කරන කටයුතුවල දියුණුව ප්‍රථිලාභය මෙන්ම සාර්ථක ප්‍රතිඵල උදාකෙරෙන මෙම වර්ෂය යහපත්ය. සුබසාධන සමාජසේවා පරිපාලන කටයුතු සාර්ථක ‍වේ. දේශපාලනයේ නියැලෙන්නේනම් එතුල ශක්තිමත් ප්‍රබෝධයක් ගෙන දේ. නව ව්‍යාපාර ආරම්භ කෙරේ. ඔබට ලාභදායක මෙන්ම සතුටුදායක ප්‍රතිඵල හිමිවේ. හවුල් ව්‍යාපාර මෙන්ම විදේශ සම්බන්ධ ආනයන අපනයන ආරම්භයට මෙම වසර ඉතාම යහපත් වේ. සෙනසුරු ග්‍රහයා ලග්නයේ බලවත්ව සස නම් මහා පුරුෂ යෝගය උදාවීම හේතුවෙන්  උද්යෝගමත්ව කටයුතු කර දියුණුව උදාකර ගැනීමේ හැකියාව මෙන්ම පරිපාලනය කිරීමේ හැකියාව පෙන්නුම් කෙරේ. ලග්නයට යෝගකාරක වූ සෙනසුරු බලවත් වීම ආර්ථික වහයෙන් උසස් තත්වයක් ඇතිකර ගැනීමේ හැකියාව වසරේ පවතින ග්‍රහ තත්වය අනුව සැළකිය යුතු දියුණුවක් ලැබීමේ වාසනාව පෙන්නුම් කරයි. දීර්ඝ සාර්ථක විදේශ ගමන් මෙන්ම දුර බැහැර වන්දනා ගමන්ද යෙදේ. සතුරු කරදර හා නීතිමය කරදර ක්‍රමයෙන් පහව යයි.

කන්‍යා ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කන්‍යා ලග්නය
බාධක මධ්‍යයේ සිය කටයුතු සිදු කෙරේ


බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබට මෙම වසර ආරම්භයේදී ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බාධක ස්ථානයේ පිහිටීමද බාධක ග්‍රහයා බාධක ස්ථානයේ පිහිටීමද බාධක ග්‍රහයා වූ බ්‍රහස්පති අට වැන්නේ යෙදීමද නිසා විවිධ බාධක මධ්‍යයේ සිය කටයුතු සිදු කෙරේ. තවද ලග්න ඒරාෂ්ඨකය පූර්ණව අවසාන නොවී ආපසු ගමනින් සෙනසුරු ග්‍රහයා මැයි මාසයේ ලග්නයට නැවත පැමිණීමද අයහපත් වේ. විෂේශයෙන්ම සනි මහ දසාවක් ගත කරන්නේ නම් බුද්ධිමත්ව ඉවසීමෙන් ආගමික කටයුතුවල නිරතව මෙම වසර ගත කල යුතුය. සිකුරු යහපත් ලෙස ක්ව‍ක්ෂේත්‍ර බයයෙන් යුතුව භාග්‍යස්ථානය වූ නව වැන්නේ පිහිටීමෙන් මද සැනසිල්ලක් උදාවේ. උත්සාහයෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන ඔබට වසර අග භාගයේදී සුභවාදි පරිවර්තන සිදුවේ. 2012 මැයි 17 සිට 9 වැන්නේ ගමන් කරන බැවින් පැවතුන භාධක ක්‍රමයෙන් පහව ගොස් වඩා සතුටුදායක වටපිටාවක් නිර්මාණය වේ. සිකුරු දශා ගත කරන්නේනම් සෞභාග්‍යය ප්‍රතිඵල හිමි වෙයි.

සිංහ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

සිංහ ලග්නය
බුද්ධිමත්ව, වේගවත්ව හා ක්‍රියාකාරීව කටයුතු කරයි.

රවි හිමි සිංහ රාශියෙන් ජන්මය ලද ඔබට වර්ෂය ආරම්භ වන අවස්ථාවේ රවි බලවත්ව භාග්‍යස්ථානය වන නව වැන්නේ බ්‍රහස්පති සමග ත්‍රිකෝණගතව සිටීමෙන් සැළකිය යුතු දියුණුවක් ලැබේ. වාසනාව උදාවේ. තරමක් ආවේගශීලී වුවත් අන්‍යයන් ඔබේ බසට අවනත වන අතර යහපත් සමාජ සබඳතා ගොඩ නැගේ. පිටස්තර අයගේ උදව් උපකාර ලැබේ. බුද්ධිමත්ව, වේගවත්ව හා ක්‍රියාකාරීව කටයුතු කරන ඔබ මෙම වසරේ මිතුරු වෙසින් එන සතුරන්ව හඳුනාගෙන ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් විය හැකි බොහෝ කරදර විපත්වලින් මිදී සැනසිල්ල උදාකරගැනීමට හැකිවනු ඇත. මැයි මාසයේ සිට අගෝස්තු අවසානය දක්වා නිෂ්ඵල ගමන් යෙදෙන අතර දුර බැහැර වන්දනා ගමන්ද අනපේක්ෂිතව යෙදේ. ප්‍රිය සම්භාෂන හා උත්සව වලට සහභාගි වීමේ අවස්ථාව උදා වේ. ලග්නයේ කුජගේ පිහිටීම තුලින් උද්යෝගමත්ව කටයුතු කරන ඔබට සාර්ථක ප්‍රතිඵල අනිවාර්ය වේ. ක්ෂණික තීරණ ගැනීම තුල ගැටලු නිර්මාණය වේ.

කටක ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

කටක ලග්නය 
සමාජයේ ගෞරවය හා ප‍්‍රසාදය, ලැබීම අතින් සතුටුදායකයි. 

මෙම අවුරුද්ද උදාවන අවස්ථාවේ ග‍්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී රැකියා ස්ථානය වු දස වැන්නේ භාග්‍යාකාරක වු බ‍්‍රහස්පති ග‍්‍රහයා රජක කාරක වු රවි සමඟ කේන්ද්‍රස්ථාන ගතව සිටීම යහපති. රැකියා අපේක්ෂිත ඔබට බලාපොරොත්තු ඉටුවන අතර රැකියාවේ නියුතු ඔබට මෙතෙක් පැවති බාධක මඟහැරී උසස්වීම් ලබාදේ. රාජ්‍ය සම්මාන ගෞරව, සමාජයේ ප‍්‍රසාදයට ලක්වේ. සමාජසේවා කටයුතුවල නිරන්තරයෙන්ම නියැලේ. දේශපාලන, පරිපාලන, කටයුතු වල යෙදෙන කටක රාශි හිමියන්ට සුවිශේෂී වු වසරක් මෙන්ම ජාත්‍යන්තර තලයට පැමිණිය හැකි මතකයේ නිධන්ගතවන වසරකි.

මිථුන ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මිථුන ලග්නය
රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම්, අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය 

මෙම වසර උදා‍වෙද්දී ලග්නාධිපති බුධ දස වැන්නේ කේන්ද්‍රස්ධානගතව පිහිටීමෙන් ‍රැකියාවේ අනපේක්ෂිත වෙනස්වීම් සිදුවේ. මෙතෙක් නොලැබූ විවිධ බාධක මධ්‍යයේ පුමාද වූ වෘත්තීය අයතිවාසිකම් ලැබෙන අතර උසස්වීම් සමග ස්ථාන මාරුවීම්ද පෙන්නුම් කෙරේ. ස්වයං රැකියාවේ යෙදුන ඔබට යහපති.නව පැතිකඩයම් ඔස්සේ ආදායම් මාර්ග පෑදේ. හවුල් ව්‍යාපාරයන්ට කාලය එළඹ ඇත. දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඔබට යහපත් සතුටුදායක ප්‍රථිපල ගෙනදෙන නමුත් වංචනිකයන්ගෙන්, රුවටිලිකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. ගණුදෙනුවලදී තීක්ෂණව ක්‍රියාකල යුතුය. භාග්‍ය ස්ථානයේ අධිපති සෙනසුරු ග්‍රහයා උච්ච වීම උත්සාහයේ ප්‍රතිඵල මත දියුණුවීමට වාසනාව ඇති කරන ශුභ පිහිටීමකි. එහෙත් විවිධාකාර බාධක ඇතිකෙරේ.  ජලයෙන් ප්‍රවේසම් විය යුතුය.

වෘෂභ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

වෘෂභ ලග්නය
හදිසි  ධන ලාභ, නව රැකියා

මෙම වර්ෂය  උදා වන අවස්ථාවේ ලග්නයට  බලපාන ග්‍රහ තත්වය ගැන බැලීමේදී ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නයේ  ස්වක‍ෂත්‍රව  සදුගෙන් ත්‍රිකෝණ ගතව  මාලවියෝගයකින්  බලවත්වී යහපත උදෙසා  සමාජසේවා පරිත්‍යාගශීලි  කටයුතු  කිරීමට  නිරන්තරයෙන්ම  අවකාශය  සැලසෙන අතර  කාගේත්  සහයෝගය  නොමදව ලැබේ. ලග්නාධිපති  සිකුරු බලවත් වීම ඔබගේ  අනාගත  දියුණුවට  විවිධ පැතිකඩක්  ඔස්සේ  ආදායම් මාර්ග  නිර්මාණය වේ. කලා කටයුතු වල  නියතු  ඔබ මෙම වසරේ සම්මාන  ගරු බුහුමන්  වලට  පාත්‍ර වේ. කලා නිර්මාණ  විදේශීය වශයෙන්ද  එළිදැක් වේ. වාහන යොදවා  කරන ව්‍යාපාර  කටයුතු වල ප්‍රගතිය  පෙන්නුම් කෙරේ.

මේෂ ලග්නය - 2012 වසර ඔබට කොහොමද?

මේෂ ලග්නය
සමාජයේ  සැළකිළි, රැකියාවේ දියුණුව,  භූමි ලාභ   
   

මෙම වර්ෂය උදාවන අවස්ථාවේ මේෂ ලග්නයේ ග්‍රහ පිහිටීම් ගැන සළකා බැලීමේදී යහපත් දියුණුවක්  උදාකරණ වර්ශයක් බව පෙනේ.  ලග්නයේ රවි සහ බ්‍රහස්පති  ග්‍රහයා සංයෝගවී සිටීම  වැදගත්  යෝගයකි. ලග්නයෙන්  පළවන ත්‍රිකෝණය වන සිංහ  රාශියත් දෙවන ත්‍රිකෝනය වන  නවවන ධනු රාශිය අයත් රවි සහ බ්‍රහස්පති ලග්නයේ  සංයෝග වීම  සමාජයේ  සැළකිළි ලබන යහපත් රැකියා ලැබීමේ වාසනා භාග්‍යය  උදා කරයි.

Saturday, June 2, 2012

සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල අත කැඩෙන්න ගුටි කෑවා.

සඳගිරි පව්වේ කමලාට හිමාලි සිරිවර්ධනට
ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් 
ඇගේ අනාගතය බලාපොරොත්තුවලින් පිරිලා.
 
‘මොනවාද ඒ?’ 

‘සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල’ ඒ කමලා ගැන පවුලේ හැමෝගෙම ආකල්පයයි. පවුලේ අයගේ විතරක් නෙමෙයි. මේ කෙල්ල ගැන ස්වර්ණවාහිනියෙන් ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යය නැරැඹුව ප්‍රේක්ෂකයන්ගේ සිත්වල ඇති වුණෙත් ඒ වගේ ආකල්පයක්. ඒ ආකල්පය කොයි තරම් සාධරණීකරණය වුණා ද කිව්වොත් මේ චරිතය රඟපෑව හිමාලි සිරිවර්ධනට ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමි වුණා.

Friday, June 1, 2012

පබෝධා සන්දීපනිගේ විවාහ වෙයි.

ටෙලි නාට්‍යවල දර්ශන තලය හාදකමට මග පාදයි.
ජනප්‍රිය නිළි පබෝදා සංධීපනී යුග දිවි අරබයි.
සිදත් හරින්ද්‍ර ඇගේ අත ගත් මනාලයායි.

හඬ කැවීම, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා යන කලා ක්ෂේත්‍රයන් හි දක්ෂ හා ජනකාන්ත නිළියක් වූ පබෝදා සංධීපනී සහ ඇයගේ අත ගත් සිදත් හරින්ද්‍ර ගේ විවාහ උත්සවය මැයි 31 දා රාත්‍රියේ රාත්‍රියේ කලා ශිල්ප ශිල්පිණියන් ‍රැසකගේ සහභාගීත්වයෙන් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා

“ගුරුකුල” නාමය ඉහළට ඔසවා තැබූ රොෂාන් අනුරුද්ධ සහ හෂාන් දුමිඳු

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ඉන්දියානු සංචාරය
ගුරුකුල විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්  
ජයග්‍රහණය ලබාදීම සඳහා සුවිශේෂී මෙහෙවරක් 

පසුගිය දිනවල ඉන්දියාවේ තරග සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කැලණිය ගුරුකුල විද්‍යාලයේ රොෂාන් අනුරුද්ධ හා හෂාන් දුමිඳු එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතවූ එම කණ්ඩායමට කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සුදුසුකම් ලැබිම සුවිශේෂී සිදුවීමක් විය. එලෙස තෝරාගත් එම ක්‍රීඩකයින් දෙදෙනාම තම පිල වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටු කරමින් තම මව්බිමට ජයග්‍රහණය ලබාදීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේ තම විදුහල් මාතාවට කීර්තියක් අත්කර දෙමිනි.

2012 වසර ඔබට කොහොමද?

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙත්ම සිංහල අවුරුද්ද උදා වේ. ජ්‍යොතිෂයට අනුවද නව වසරක් ආරම්භ වන්නේ මෙම අප්‍රේල් මාසයේ සිටය. වේලාවන් සෑදිමට උපකාරී වන පංචාංග ලිත්වල නව පිටපත් මුද්‍රණාකාරයෙන් පිට වන්නේ සහ ඒවා සම්පාදනය කර තිබෙන්නේ අප්‍රේල් මාසයෙන්.

එබැවින් මෙහි දැක්වෙන ලග්න පලාඵල ඉදිරිපත් කර ඇත්තේ 2012 අප්‍රේල් සිට 2013 මාර්තු දක්වා කාලයටය. 2012 වසර ඔබටත් ජයග්‍රාහී වසරක් වෙයිද?

You might also like - මදි නොකියන්න තොරතුරු: