Monday, August 6, 2012

ලොව වේගවත්ම කාන්තාව ලෙස ෆ්‍රේසර් පිට පිටම දෙවැනි වරටත් මීටර 100 කිරුළ රැක ගනී

ජයග්‍රාහකයා කව්රුන්දැයි පියවි ඇසින් හඳුනාගැනීමට අපහසු අතිශයින් තියුණු තරග නිමාවක්‌ සහිතවූ කාන්තා මීටර් 100 අවසන් තරගයේදී ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆ්‍රේසර් පිට පිටම දෙවැනි වරටත් ඔලිම්පික්‌ උළෙලක වේගවත්ම ක්‍රීඩිකාව ලෙසින් රන් පදක්‌කම හිමිකර ගත්තාය.

25 හැවිරිදි ඇයගේ තරග නිමා කාලය තත්පර 10.75ක්‌ වූ අතර තත්පරයේ සියයෙන් තුනක (0.03)ක ප්‍රමාදයක්‌ හේතුවෙන් 32 හැවිරිදි ලෝක ශූරියක වන ඇමරිකාවේ කාමෙලිටා ජෙටර්ට දෙවැනි තැනට පත්වීමට සිදු විය. එම ඉසව්වේ ලෝකඩ පදක්‌කම හිමිවූයේ ජැමෙයිකාවේම වෙරෝනිකා කැම්බෙල්ටය.

මෙම තරග නිමාව කෙතරම් තියුණුවීද යත් තරගාවසානයෙන් තත්පර කිහිපයකට පසු ජයග්‍රාහකයන් නිවේදනය කරන තුරු තමා එම ඉසව්වේ රන් පදක්‌කම දිනා ඇති බව ඇයට නිශ්චිතව සිතාගැනීමට නොහැකිව සිටි අයුරක්‌ පෙනුණි.


You might also like - මදි නොකියන්න තොරතුරු: